රියදුරු බලපත්‍රය ගන්න අය දැඩි අවධානයෙන්..අජිත් රෝහණ.
Sri Lanka
Vehicles
Driving license
Ajithi Rohana
By Aruna
රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් සියයට 10ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට අනාවරණය වී තිබෙනවා.
ඒ බව අනවාරණය වී ඇත්තේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පරීක්ෂණයකට යොමු කිරීමෙදීයි.
එක් දිනක් තුළ එලෙස පරීක්ෂණයට යොමු කළ පුද්ගලයින් 1,213 දෙනෙකුගෙන් 145 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට අනාවරණය වී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එයද සැලකිල්ලට ගනිමින් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කළ බවයි.
එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |