අජිත් රෝහණට සහ ශවේන්ද්‍ර සිල්වාට එකවරම සිදු වූ දේ.. රටම කැළඹූ සිදුවීම මෙන්න..(PHOTOS)
අජිත් රෝහණ මහතා ඇතුලු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට පසුගිය 28 වනදා ස්ථාන මාරුවීම් ලබා දී තිබුණා.
එහෙත් මෙම ස්ථාන මාරුවීම් පිළිබඳව පොලිස් අභ්‍යන්තරයේ දැඩි ලෙස කතා බහට ලක්ව තිබෙන අතර සේවා අවශ්‍යතා ලෙස සඳහන් කරමින් සිදුකල මෙම ස්ථාන මාරුවීම් වල සැබෑ අවශ්‍යතාවය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ මීලඟ උසස්වීම ට බාධාවන් පැමිණවීම බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම මාරු කිරීම් පසුපස සිටිනුයේ තවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බවයි පැවසෙන්නේ.
මීලඟ පොලිස්පති තනතුර අපේක්ෂාවෙන් පසුවන ඔහු විසින් දේශපාලන බලයද යොදාගනිමින් මෙය සිදු කර තිබෙන බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටිනවා.
අජිත් රෝහණ මහතා ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම නිසා ඔහු පසුගිය කාලයේදී ජනප්‍රිය චරිතයක් වූ අතර ,ඔහු කොළඹ රැඳී සිටීම නිසා රටේ තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරියට ඔහු වඩාත් සමීප වනු ඇතැයි පෙර කී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බිය වීම නිසාවෙන් මෙම ස්ථාන මාරුව සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම සේවා මාරු කිරීම පිළිබඳව දැනුවත් කරන තුරුම පොලිස්පතිවරයාත් මේ පිළිබඳව කරුණු නොදැන සිට ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කල අවස්ථාවෙදී තමාට එවැනි බලයක් නොමැති බව ඔහු විසින්ම නීතිපතිවරයාට ලිඛිතවම දැනුම් දී තිබීමයි.
පොලිසියේ අභ්‍යන්තර වාර්තා වලට අනුව වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට පසුව මීලඟ පොලිස්පති තනතුර සඳහා ඉහළින්ම කියවෙන නම් අතර අජිත් රෝහණ මහතා ඉදිරියෙන්ම සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින යුද්ධ හමුදාධිපති ධුරයෙන් නික්මයාමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
අනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතයි.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධුරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසත් කටයුතු කරමින් සිටියේ ය.
මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |






