වහාම ක්‍රියාත්මක වන පරිදි රාජපක්ෂ කෙනෙක් හදිසි දේශපාලන තීන්දුවක් ගන්න යයි..
ජනතාව වෙනුවෙන් දරණ සියලු තනතුරු අත්හැරීමට සූදානම් බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ඔහු ප්‍රකාශ කළේ, ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමට වූවත් තමන් සූදානමින් සිටින බවයි.
උඩවලව ජලාසයේ, ජලය හිඟ වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවී ජනයා මේ වනවිට දැඩි පීඩාවකට ලක්ව සිටියි.
පසුගියදා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබුණේ, ගොවීන් සඳහා ජලය ලබා දෙන්නේ නම් දෛනිකව පැයයි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් සිදු කළ යුතු බවයි.
කෙසේ වෙතත් ගොවීන්ට අවශ්‍ය ජලය ලබා නොදී විදුලි උත්පාදනය කිරීමට කටයුතු කරන බවට අජිත් රාජපක්ෂ මහතා චෝදනා කළා.
ප්‍රදේශයේ ජනතාව විදුලිය කප්පාදුවකට මුහුණ දෙමින් ගොවීන්ට ජලය ලබා දීමට සිය එකඟත්වය පළ කර ඇති බව ද සඳහන්.
ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමට සිදු කරන බවයි.
එහි දී නියෝජ්‍ය කතානායකවරයා අවධාරණය කළේ, යහපත් තීන්දුවක් නොලැබෙන්නේ නම් තමන් ඉදිරි දේශපාලන තීන්දුවක් ගන්නා බවයි .