ආයෙත් ගුවන් තොටුපොලේදි හග් කරනවනම්.. මේ කාල සීමාව විතරයි.. නවතම තහංචිය..(PHOTOS)

CBC News Sri Lanka Airport New Zealand
By Sithumini Oct 24, 2024 06:18 PM GMT
Report

 ගුවන්තොටුපොළ කියලා කියන්නේ තම්න්ගේ වෙන් වෙන හිත මිත්‍රාදීන්ට සමුදෙන තැනක්නේ. ඉතින් එහිදී බොහෝ දෙනෙකු තම සමීපතමයන්ට සමුදෙන ආකාරය විවිධාකාරයි. 

 මේ කියන්න යන්නේ අපේ රටේ කතාවක් නම් නොවෙයි.

මේ කතාව ඇහෙන්නේ අපිට නවසීලන්තයෙන්.

නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන් තොටුප‍ොළේදී ගුවන් මගින්ට පිටව යාමට පෙර සිය සමීපතමයින් සිප වැළද ගැනීම සඳහා ලබා දෙන කාලය මිනිත්තු 03කට සීමා කර ඇති බව තමයි වාර්තා වෙන්නේ.

මෙම තත්වයට හේතුව ලෙස ගුවන් තොටුපොළ කාර්‍ය මණ්ඩලය දක්වන්නේ මෙම මගීන් කඩිනමින් ගැමන් කිරිමෙන් මෙම වැළද ගැනීම වැඩි පිරිසකට සිදුකිරීමට හැකිය්වා ලබා දීම බවයි නමුත් ඊට වැඩි වෙලාවක් වැලදගැනීමට ඔවුන් රථ ගාලේදි අවස්ථාව ලබා දී තිබෙනවා