අද මෙරටදී ගුවන් යානයක් කඩාවැටී සිදුවූ බිහිසුණු අනතුරක්.(PHOTOS)

Sri Lanka Accident
By Aruna Aug 07, 2023 07:14 AM GMT
Report

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ.

අද (07) උදෑසන 11.27ට පමණ ගුවන් යානය චීනවරාය කඳවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් එහි ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බවයි.

මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවන්ගේ තොරතුරු පහත පරිදි වෙි.

1.02712 W/C HMTK හේරත්

2.12271 F/O KMPM වර්ණසූරිය

GalleryGalleryGalleryGalleryGallery