අද පස්වරුව වනවිට වෙනස් වූ වායු දූෂණ ප්‍රදේශ - කොළඹ අඩුවෙයි..වෙනත් දිස්ත්‍රික්ක දෙකක් පෙරමුණට..!

Colombo Kegalle Mannar Sri Lanka Climate Change
By Sewvandhi Dec 10, 2022 02:50 PM GMT
Report

මේ දිනවල අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ,ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයට අනුව අද (10) පස්වරුව වනවිට දහවලට වඩා යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේ දැඩි සෞඛ්‍ය අවදානමක් සහිත නගරයක් ලෙස අද පස්වරු 6 පමණ වනවිට මන්නාරම දක්වා තිබෙනවා.

ඒ අනුව මන්නාරමේ වායු තත්ත්ව දර්ශකය ඒකක 53 මට්ටමේ පවතින අතර, කෑගල්ලේ එම දර්ශක අගය දැක්වෙන්නේ ඒකක 50 ක් ලෙසයි.කොළඹ දිස්ත්‍රික්කයේ එම තත්ත්වය ඒකක 47 ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත්, අද දහවල් කොළඹ නගරයේ වායු දූෂණය සටහන්ව තිබුණේ සෞඛ්‍යට අහිතකර අවදානම් මට්ටමක වන ඒකක හැට හතරේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now