මෙරට නව යොවුන් දරුවන් ගැන ඇහෙන භයානක කතාව. ඒඩ්ස් අවදානමක්..

World Aids Day HIV Symptoms National Health Service Office of Public Health
By Sithumini Jul 20, 2024 05:20 AM GMT
Report


පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සඳහන් කළේ වාර්තා 3,169 ක් ද වාර්තා වී ඇති බවයි.

එච්.අයි.වී රෝගය සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2022 වර්ෂයේ දී 607 ලෙස වාර්තා වී ඇති අතර 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 694 ක් ලෙස ඉහළ යාම සියයට 14 ක වර්ධනයක් ඇති වී තිබෙනවා.

මෙම රෝගීන් 694 දෙනාගෙන් 613 දෙනෙක් පිරිමි පුද්ගලයින් වන අතර 15 කාන්තාවන් වනවා.

24ක් යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ද විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.