අහුංගල්ලම බිය වැද්දු වෙඩික්කරු STF වෙඩි පහරින් මරුට
අහුංගල්ල නගරයේ ඊයේ (12) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙඩිවැදී ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකින් එම සැකකරු මියගොස් ඇති බව වාර්තා වෙයි.
සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් උත්සාහ කිරීමේදී සැකකරු පිස්තෝලයකින් වෙඩිතබා ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් එල්ල කර වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.
අහුංගල්ල නගරයේ හෝටලයක් ඉදිරිපිටදී ඊයේ වෙඩිතැබීම සිදුවී තිබූ අතර මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරු ත්‍රීරෝද රථ ගාලක් අසල සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර තිබුණි.
වෙඩි තැබීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි. වෙඩිවැදීමත් සමග තුවාලකරු වෙඩික්කරු සමග ප්‍රධාන පාරේ විනාඩි කිහිපයක් පොරබදින අතර පසුව ඔහුගේ ග්‍රහණයෙන් මිදී වෙඩික්කරු පළාගොස් තිබුණි. එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |