ජංගම දුරකථනයක් නිසා සිරගෙට ගිය SI

Sri Lanka Police Colombo Sri Lanka
By Sewvandhi Oct 18, 2022 01:06 PM GMT
Report

අල්ලස් චෝදනාවකට වරදකරු වූ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් හා රුපියල් 20,000ක දඩයක් නියම කර තිබේ.

ඒ, රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් 5,000 ක් අල්ලස් වශයෙන් ලබා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ අහුංගල්ල පොලීසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකුට ය.

නියම කරන ලද සිරදඬුවම් වසර 10කින් ගෙවී යායුතු බවත් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5,000ක මුදල දඩයක් ලෙස අධිකරණයට ගෙවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම තීන්දුව ලබාදී තිබේ.

2015 වසරේ දී විත්තිකරු විසින් සූදුපොළක් වටලා ඇති අතර එහිදී භාරයට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීමට රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 5,000 ක මුදලක් ලබාගැනීමට එරෙහිව අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි. 

 දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කේ. පී. කුමාර නමැති හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු ට මෙම දඬුවම් නියම කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now