ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 65 වන සංවත්සරයට සමගාමීව විශේෂ පැල සිටුවීමේ වැඩසටහන.(PHOTOS)

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Aruna Sep 29, 2022 08:48 AM GMT
Report

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 65 වන සංවත්සරයට සමගාමීව විශේෂ පැල සිටුවීමේ සහ ශ්‍රමදානමය වැඩසටහනක් අද දින රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ,පනාමුර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් මුල්ඇන්ඩියාවල අලුත්වැව සිංහ ගොවි සංවිධානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වුණා.

"සසිරි රටක් - නැගෙන දැයක්" තේමාව කර ගනිමින් දේශයේ කෘෂිකාර්මික පුණර්ජීවනය යලි තහවුරු කිරීමේ කාලීන අවශ්‍යතාවය පදනම් කර ගනිමින් මෙම වැඩ සටහන 65 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් කුමාරි ගමඇතිගේ මහත්මිය,පනාමුර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති ආර්.එච්.කේ චන්ද්‍රලතා මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදාල ගොවිසංවිධානයේ ගොවීන් එක්ව විශේෂ පැල සිටුවීමක්ද වැව් තාවුල්ල පරිශ්‍රයේ දී සිදු කිරීම ද විශේෂත්වයක්.

මේ, එම විශේෂ අවස්ථාවේ ඇස ගැටුණු ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery