අග්බෝ ඇතාට කෑම අරන් ගොවියෝ බලන්න යයි..තුන්වෙනි වරටත් සිදු වූ දේ මෙන්න.(VIDEO/PHOTOS)

Sri Lanka Police Sri Lanka Accident
By Aruna Sep 13, 2023 05:16 AM GMT
Report

දඩයක් කරුවෙකු විසින් අටවන ලද බදින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරිපස වම් පාදයට බරපතල තුවාල ලබා තුන් මසක් ප්‍රථිකාර ලබන අග්බෝ ඇතාට ආහාරය සඳහා තමන් වගා කළ වී අස්වැන්නෙන් කොටසක් තෙවැනි වරටත්  ලබාදීමට ඉපලෝගම අස්වැද්දුම ගමේ ගොවියෝ ක්‍රියා කර තිබෙන පුවතක් වාර්තා වනවා.

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක්  කපා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ  ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළා.

එම සිදුවීමට අදාල වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery