දත් සුදු කරන දන්තාලේප වල අහිතකර ප්‍රතිපල.

By Wayomi Aug 08, 2022 11:44 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දත් සුදු කරනවා කියලා එක එක සන්නාමයන්ගෙන් දන්තාලේප වර්ග වෙළඳපොලට හඳුන්වලා දෙනවා. අපිත් ඉතින් මුතුවන් සුදු දත් දෙපළක හිමි කරගැනීමේ ආසාවෙන් ඒවා අරන් මදිනවා. ගොඩක් වෙලාවට දත්වල ඇති වන කහට පැල්ලම් ඉවත් කරන්න මේ දන්තාලේප උදව් වෙනවා.

නමුත්,

🦷මෙහිදී වෙන්නේ දත් වැලි කඩදාසියකින් ඇතිල්ලුවා වගේ සුදු වෙන එක විතරයි.

🦷 මොකද එම දන්තාලේප නිතර භාවිතා කිරීමෙන් දත් එනමලය දිරාපත් වීමට හෝ දන්ත සංවේදීතාවයට හේතු වෙනවා.

🦷 ඒ වගේම එනමලය මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම පටකයක් වුවද, එය සියුම් වන අතර ඔබ අධික පීඩනයකින් හෝ තද කෙඳි සහිත දත් බුරුසුවකින් දත් මදින්නේ නම් හානි විය හැකියි.

🦷 ඒ නිසා ඔබ දත් මදින විට, අධික පීඩනය යොදන්න එපා. ඔබේ දත් බුරුසුවේ කෙඳි ඔබේ දත් මතුපිට පහසුවෙන් ලිස්සා යා යුතුයි.

🦷 සාමාන්‍යයෙන් විශේෂඥයන් පවසන්නේ, දත් වල ලා කහ පැහැය ස්වාභාවිකවම අපිට ලැබෙන පැහැය බවයි.

🦷 ඔබ භාවිතා කරන දන්තාලේප සන්නාමයට පිළිගත් දන්ත වෛද්‍ය ආයතනයකින් අනුමැතිය ලබා ගැනීමේ මුද්‍රාවක් තියනවද කියලා පරීක්ෂා කරගන්න එක ගොඩක් හොඳයි.

🦷 නැත්නම් ලුණු හෝ වෙනත් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් දත් පිරිසිදු කරගන්න ඔබට පුළුවන්.