මෙනිකියෝ හා පෙඩිකියෝ වල අහිතකර ප්‍රතිපල.
දෑත් දෙපා වල ලස්සන, එහෙමත් නැත්නම් සුන්දරත්වය රැක ගන්න අද ගොඩක් දෙනෙක් මෙනිකියෝ හා පෙඩිකියෝ සත්කාර වලට යොමු වෙනවා. මෙනිකියෝ හා පෙඩිකියෝ උපකරණ set එක ආරන් තනියමත් කරගන්නවා. එහෙමත් ගොඩක් වෙලාවට Beauty salons වලින් තමයි කරගන්නේ. හැබැයි ඔබ ඔය මොන විදිහට මෙනිකියෝ හා පෙඩිකියෝ කළත් මේවා ඇතුලේ හැංගිලා තියෙන අනතුරු හෝ අහිතකර ප්‍රතිපල ගැන දන්නේ නැහැ නේද?
උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන්න
💅 ඔබ මෙනිකියෝ හා පෙඩිකියෝ කරන්න salon එකකට යනවා නම් පුළුවන් තරම් උතසහ කරන්න ඔබේම උපකරණ set එකක් අරන් යන්න. මොකද සමහර salons තියෙනවා හැමෝගෙම කරන්නේ එකම උපකරණ වලින්. එමඟින් හෙපටයිටිස් බී සහ සී හා HIV වැනි භයානක රෝග පවා වැළදෙන්න පුළුවන්. ඒ නිසා salon එකට ගියාම එම ස්ථානය සහ උපකරණ කොතරම් පිරිසිදු ද, ආරක්ෂිත ද කියන එක හොයලා බලන්න.
කෝලස් ඉවත් කිරීම
💅 කෝලස් කියන්නෙ කකුලේ සම මතුපිටින් තවත් සමක් ඇති වීම නිසා එතන සමේ ගණකම වැඩි වෙන එක. හැබැයි salon එකට ගිහින් මේ දේ කරන එක එතරම් ගුණදායක නැහැ. ඔබට තියෙන්නේ සිහින් සමක් නම් හෝ ඔබගේ රුධිර සංසරණ ක්‍රියාවලියේ ප්‍රශ්න තියනවා නම් රූපලාවණ්‍ය ශිල්පීන් පාවිච්චි කරන මෙවලම් මගින් ඔබගේ පාදයට තුවාල ඇති වෙලා ආසාදන ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්වයන් පාලනය කරගන්න නම් මොයිස්චරයිසින් එකක් භාවිතා කරන පුරුදු වෙන්න.
වැවෙන්නේ නැති නියපොතුවලට ප්‍රතිකාර
💅 මේක සම්බන්ධව නම් රූපලාවන්‍ය ශිල්පීන්ට නම් එතරම දනුමක් නෑ නිසා ඒකට වෘත්තීය වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න. නැත්නම් එක එක්කෙනා කියන පලියට එක එක සත්කාර කරන්න ගිහින් නියපොතු විතරක් නෙවෙයි ඇඟිලි වලටත් අනතුරු වෙන්න පුළුවන්.
නියමල ඉවත් කිරීම
💅 නියමල මගින් නියපොතුවලට ආසාදන අති වෙන එකෙන් ආරක්ෂා කරනවා. ඒවා ඉවත් කරනකොට නියපොතවලට ආසාදන හෝ තුවාල ඇති විය හැකියි.ඊට පස්සේ ඉතින් අලුත් නියපොතු ගණ, වර්ණ රහිත හෝ රැළි සහිත වෙන්න පුළුවන්.
නියපොතු යටින් හැදීම
💅 මෙනිකියෝ හෝ පෙඩිකියෝ මගින් නියපොතු ඔනිචොලිසිස්. ඒක නියපොතු වල පහළ ස්ථරයට හානි කිරීමේ ප්‍රතිඵලයක්.
කහ නියපොතු
💅 නියපොතු වල කහ පාට සෞඛ්‍ය ගැටලුවල ප්‍රතිඵලයක් විතරක් නෙවෙයි, අඩු ගුණාත්මකභාවයකින් යුත් මෙනිකියෝ නිසාත් ඇති වෙන්න පුළුවන්. නිය ආලේපන වැඩි කාලයක් නිය වල තියාගෙන ඉන්න එපා. ඒ වගේම ඒවා ඉවත් කරන්න හොඳ remove එකක් භාවිතා කරන්න. ඒ වගේම හැමදාම නිය ආලේපන භාවිතා නොකර අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න. එමෙන්ම නියපොතු වලට අයඩින් යොදන්න එපා. දන්තාලේප, ලුණු වලින් හදන ලද ස්ක්‍රබ්, ලෙමන් හා හයිඩ්රජන් පෙරොක්සයිඩ් මගින් සේදීමෙන් වර්ණය යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්.
හැන්ග් නේල්ස්
💅 වෛද්‍යවරු කියන්නේ එල්ලෙන නියපොතු කපන්න ඕන ඒකාකාරව පමණක් කියලයි. එල්ලෙන නියපොතු වළක්වා ගන්න නම් විටමින් E සහිත ක්‍රීම් එකකින් සමේ තෙතමනය තියාගන්න. ඒ වගේම පළපුරුදු රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් පමණක් මෙනිකියෝ හෝ පෙඩිකියෝ එකක් කරගන්න වග බලාගන්න.
පෙඩිකියෝ කිරීමට පෙර කකුල්වල රෝම ඉවත් කිරීම
💅 මෙමඟින් කකුල් වල සිදුරු වඩාත් විවෘතව පවතින නිසා ආසාදනයක් ඇතිවීමේ අවදානම වැඩියි.ඒ වගේම සමට තුවාල කර ගන්නත් එපා.
නිය ආලේපන
💅 නිය ආලේපන වල අඩංගු දේවල්වල භයානක රසායනික ද්‍රව්‍ය තියනවා. මේවා නියපොතු වලට හානි කළ හැකි අතර අසාත්මිකතා හෝ ඇදුම රෝගයට පවා හේතු වෙන්න පුළුවන්.
පාරජම්බුල ලාම්පු
💅 ෂෙලැක් වියළීමට භාවිතා කරන පාරජම්බුල ලාම්පු සෞඛ්‍යයට අහිතකරයි. පාරජම්බුල කිරණ සමට රිදවන අතර වෛද්‍යවරුන්ට අනුව එය සමේ පිළිස්සීමට පවා හේතු විය හැකියි.
පාද උණුසුම් කිරීම
💅 පාදවල ඉරිතැලීම් ඇතිවීමට හේතු වන්නේ උණුසුම් වතුරෙන් පාද සේදීම වෙන්න පුළුවන්. කකුල් ඉදිමී ඇති අය හෝ ගොඩක් වෙලාවට වියළි සමක් තියන අය උණු වතුරේ ගොඩක් වෙලා පාද ස්නානය කිරීමෙන් වැළකෙන්න ඕන. සමේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට මොයිස්චරයිසින් ක්‍රීම් හා දියර නිතිපතා භාවිතා කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |