Online පනතේ අඩුපාඩු ඇති බව අධිකරණ ඇමති පිළිගනී. - (VIDEO)

Parliament of Sri Lanka Dr Wijeyadasa Rajapakshe Sri Lanka Social Media Social Media
By Wayomi Feb 08, 2024 11:20 AM GMT
Report

Online ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඒ,අනුව ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බව ද ඔහු සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනත සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

"මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අභියෝග කරන පෙත්සම් 40කට වැඩි ප්‍රමාණයක් තිබුණා. සති ගණනක් මේ පිළිබඳව විභාග පවත්වලා අධිකරණය ලබාදුන් නියෝගය... ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් සඳහන් කරපු සියලු කරුණු සැලකිල්ලට භාජනය කරලා අවසානයේදී ඒවා සංශෝධන හදලා නීතිපතිවරයාගෙන් සහතිකයක් අරගෙන තමයි අපි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන්නේ."

"අධිකරණයට කියන්න බැහැ මේක ගේන්නද? ගේන්න එපා කියන්න අධිකරණයට බලයක් නැහැ. අධිකරණයට තිබෙන එකම බලය තමයි යම් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා තීරණය කරන එක."

"එතකොට මේ පනතට ඇතුළත් කළ සියලු සංශෝධන පිළිබඳව නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යයනය කරලා සහතිකයක් දීලා තියෙනවා. මේක සම්මත වෙච්ච පනතක්. මේක ගැන විවාද කරන්න දැන් බැහැ. හැබැයි මේ පනතේ සංශෝධනය වියයුතු තැනක් තියෙනවා නම් ඒකට බාධාවක් නැහැ. ඒවා සංශෝධනය කරන්න පුළුවන්."

මේ නීතියේ අඩුපාඩු තියෙනවා. අපිත් සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා අපි විවෘතයි. මේකේ අවශ්‍ය සංශෝධන මොනවද කියලා විපක්ෂයත් යෝජනා කරන්න. අපි සාකච්ඡා කරමු. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට."