ඔබත් Adjustment Disorder රෝගයෙන් පෙළෙන කෙනෙක්ද?
එක එක පුද්ගලයන්ගේ මානසික මට්ටම එක එක විදිහයි.ඔවුන් හිතන පතන විදිහ, දරාගැනීම වැනි මානසික තත්වයන්ද විවිධයි. ඒ නිසාම දරාගැනීමේ ශක්තියත් එකිනෙකාට වෙනස්.
ජීවිතයේ හැමදේම අපිටා දරාගන්න අමාරුයි. සමහර සංවේදී තැන් තියෙනවා මානසිකව මිනිස්සු අන්තෙටම කඩාගෙන වැටෙන. එවැනි අවස්ථා එමටයි. නමුත් බොහෝ දෙනෙකුට ඒ දේවල් ගැන හිතලා තමන්ගේ හිත සනසගන්න පුළුවන්කම තියෙනවා. ඒත් තවත් සමහරු ඉන්නවා ඔවුන් දරාගත නොහැකිව මානසික පීඩනයෙන් ඉහළටම ගිහින්. එලෙස මානසික රෝග වලට පවා ගොදුරු විය හැකි සංව්දී අවස්ථා ඕන තරම් තියෙනවා.,
😓 ආදරණිය, සමිපතමයෙකුගේ මියයාමක්.
😓 කාලයක් තිස්සේ තිබුණු ආදර සබඳතාවය එකවරම අවසන්වීම
😓 රැකියාවෙන් ඉවත් කිරීම හෝ වෙනයම් හේතුවක් නිසා එකවරම රැකියාව අහිමිවීම
😓 දික්කසාද වීම
😓 තදබල අසනීපයක් තමන්ට තිබෙන බව හඳුනාගැනීම
😓 අනතුරකට මුහුණ පෑම
😓 විවාහ ජීවිතය ආරම්භ කිරීම හෝ අකමැති කෙනෙක් සමඟ විවාහ වීම.
😓 ප්‍රථම දරු උපත
😓 කාලයක් තිස්සේ ජීවිතය ගතකරපු ප්‍රදේශයෙන් ඉවත් වීම
😓 යම් යම් ගැටලු පවතින පරිසරයක ජීවිතය ගතකිරීම ආදී තව විවිධ හේතු බලපාන්න පුළුවන්.
එලෙස දුක වේදනාව පිරි සංවේදී සිදුවීම් නිසා ඇති විය හැකි මානසික රෝගාබාධයක් තමයි Adjustment Disorder කියලා කියන්නේ. ඔබටත් ආදර සම්බන්ධයක් නිසා හෝ වෙන්වීමක්, අහිමි වීමක් නිසා පීඩාවට පත් කෙනෙක් නම් බලන්න ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා.
රෝග ලක්ෂණ
😓 දැඩි දුකක්, බලාපොරොත්තු රහිත බවක් දැනීම
😓 මීට පෙර විනෝද වූ දේවල් වලට දැන් යොමු නොවීම
😓 නිතර හැඬීම
😓 නොසන්සුන් බව
😓 ආතතිය
😓 නින්ද ආශ්‍රිත ගැටලු
😓 ආහාර ගැනීම ආශ්‍රිත ගැටලු
😓 කිසිම දේකට අවධානය නිසිලෙස යොමුකිරීමට නොහැකිවීම
😓 දෛනික කටයුතු කරගැනීමට අපහසු වීම
😓 අභිප්‍රේරණයක් නොමැති බව
😓 නිතර එන ඍණාත්මක සිතුවිලි
😓 සමාජ සබඳතා වලින් ඈත්වීම සහ හුදකලා බව
😓 හිසරදය
😓 තෙහෙට්ටුව
😓 පපුවේ වේදනාව
ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ ගැන ඔබම හිතලා බලන්න.කඩා වැටුණු ජීවිතය ගොඩගන්න විදිහ. ඔබේ සමිපතයෙක් මෙවැනි රෝග ලක්ෂණ වලින් පෙළෙනවා නම් ඔවුන්ව මනෝ උපදේශනය, මනෝ චිකිත්සනය අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න.ඔවුන්ගේ හිත සැනසෙන විදිහට වැඩ කරන්න.
මෙම දුක් බර මානසිකත්වයෙන් මිදෙන්නේ දෛනික ජීවිතයේ පුරුදු ටිකක් වෙනස් කරගන්න.
😶 යහපත් සබඳතා ජාලයක් ඇති කරගැනීම
😶 ව්‍යායාම සිදුකිරීම
😶 පෝෂ්‍යදායි ආහාර පාන ලබාගැනීම
😶 හොඳ නින්දක් ලබාගැනීම
😶 එළිමහනේ ඇවිදීමට යාම
😶 තම හැකියාවන් දක්ශතාවයන් අනුව කටයුතු කිරීම
😶 ධනාත්මක සිතුවිලි වලින් යුතුව කටයුතු කිරීම
😶 ඔබේ දියුණුව ගැන පමණක් සිතීම.
😶 ඔබේ ලස්සන ගැන පමණක් සිතීම
😶 ඔබේ ආගම දහම අනුව අධ්‍යාත්මිකව මනස සුවපත් කරගැනීමට උත්සහ කිරීම.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |