සුබ අසුබ නිමිති කියන අද දින ලග්න පලාඵල.

Astrology
By Wayomi Oct 04, 2022 10:30 PM GMT
Report

ලග්න 12ට අනුව අද දවස ඔබට සුබ ද? අසුබ ද?

මේෂ

🟢 මේෂ ලග්න හිමියන්ට අද දවස බලාපොරොත්තු සහගත දිනයකි. අද ඔබ වඩාත් උනන්දුවෙන් වැඩ කරනු ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් සහ සතුටෙන් ගත කරනු ඇත. මූල්‍යම වශයෙන් යහපත් දිනයකි.


වෘෂභ

🟢 අද දවසේ ඔබ කරන ඕනෑම කටයුත්තකට අවධානය යොමු කිරීම වඩා හොඳයි. කාර්යයන් ඔබට නොගැලපේ. නොසැලකිලිමත් වදන් සබඳතාවයේ සමගිය අඩු කළ හැකි බැවින් ඔබේ සහකරු සමඟ කතා කිරීමේදී අවධානය යොමු කිරීම වැදගත්. මූල්‍ය තත්ත්වය යහපත් නොවන අතර සෞඛ්‍ය ගැටළු මතුවිය හැකියි.


මිථුන

🟢අද ඔබ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත්. රැකියා ස්ථානයේ සගයන් සමඟ ගැටුම් ඇති වේ. ඔබේ සහකරු සමඟ උඩඟු නොවන්න. වියදම් අධිකයි. ආදායම අඩු වනු ඇත. ඔබ කන දේ ගැන අවධානය යොමු කළ යුතුයි. ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු මතුවිය හැකියි.


කටක

🟢අද දවසේ වැඩි උත්සාහයක් දරන තත්ත්වයක් ඇති වේවි. රැකියා ස්ථානයේ පරිසරය සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට ඉඩ ඇත. ඔබ ඔබේ සහකරු සමඟ හදවතින්ම කතා කරනු ඇත. එය දෙදෙනාගේම සමගිය වැඩි කරයි. ලැබීම් අතින් යහපත්.


සිංහ

🟢සිංහ ලග්න හිමියන්ට අද දිනයේ අමතර වගකීම් පැවරෙනු ඇත. අද වැඩ ගොඩක් තිබුනත් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔබ ඔබේ සහකරුට ව්‍යාකූල හැඟීම් ප්‍රකාශ කරනු ඇත. මූල්‍ය සංවර්ධනය යහපත් නොවනු ඇත. සෞඛ්‍ය ගැටළු මතු විය හැකියි.


කන්‍යා

🟢 කන්‍යා ලග්න හිමියන්ට අද කලබලකාරී දවසක් වෙයි. නියමිත වේලාවට වැඩ නිම කළ නොහැක. සහකරු සමග සමගියට බලපායි. වියදම් අධික වනු ඇත. උගුර ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු මතු විය හැකියි.


තුලා

🟢 තුලා ලග්න හිමියන් අධ්‍යාත්මිකව කටයුතු කිරීම යහපත්. වැඩ හරියට කරන්න සැලසුම් කරලා වැඩ කරන්න ඕනේ. මූල්‍යම අතින් එතරම් යහපත් නොවන අතර ආහාර ජීර්ණ වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකියි.


වෘශ්චික

🟢 ඔබ අද හැඟීම් පාලනය කරගත යුතු දිනයකි. අද ඔබ කාර්යබහුල දවසක් වනු ඇත. ඔබ ඔබේ සහකරු සමඟ ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. ඔබට අනවශ්‍ය වියදම් දැරීමට සිදු විය හැකියි.


ධනු

🟢 ධනු ලග්න හිමියන්, අද ඔබ ඉවසීම ප්‍රගුණ කිරීම වැදගත්. රැකියා පරිසරය හිතකර නොවනු ඇත. අනවශ්‍ය කරදර ඇතිවන දිනයක් වනු ඇත. ඒ නිසා ඉවසීමෙන් සහ පරිස්සමෙන් කටයුතු කිරීම වැදගත්. ජීවන සහකරු සමඟ යම් මතභේද ඇති වේ. අනවශ්‍ය මුදල් වියදම් ඇතිවේ. පාද ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු මතු විය හැකියි.


මකර

🟢 මකර ලග්න හිමියන්ට අද දිනයේ යහපත් ප්‍රතිඵල නොලැබේ. රැකියා ස්ථානයේ සිටින අනෙක් සේවකයන් ඔබේ සතුරන් බවට පත් විය හැකියි. ඒ නිසා අවධානයෙන් සහ පරිසමෙන් කටයුතු කරන්න. ඔබේ සහකරු සමඟ ආදරණියව කටයුතු කිරීම වැදගත්. ආදායමට වඩා වියදම වැඩි වනු ඇත. එමෙන්ම හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම වැදගත්.


කුම්භ

🟢 අද ඔබට කම්මැලිකමක් දැනේවි. එමෙන්ම වැඩ වැඩි දවසකි. ඔබේ මනසේ නොසන්සුන්කාරී බවක් ඇතිවෙයි. ඒ නිසා සිත සන්සුන් කරගෙන දවස අරඹන්න. ඔබේ ව්‍යාකූල මානසික තත්ත්වය නිසා ඔබ සහකරු සමඟමත ගැටුම් පවා ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. මූල්‍ය තත්වය එතරම් යහපත් නොවන අතර සෞඛ්‍ය ගැටළු මතුවිය හැකියි.


මීන

🟢 අද සමෘද්ධිමත් දවසක් වනු ඇත. ඔබගේ ක්‍රියාවන් තුළින් ඔබට යහපත් ප්‍රගතියක් මෙන්ම උසස් අයගේ ඇගයීමද ලැබෙනු ඇත. ඔබ ඔබේ සහකරු සමඟ ප්‍රේමනීය සබඳතාව ගොඩනගා ගනියි. මූල්‍යම වශයෙන් යහපත් වෙයි. වඩා හොඳ ශක්තියක් සහ ස්ථාවරත්වයක් සොයාගත හැකියි.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW