ලග්නයට අනුව අද දිනය ඔබට කොහොමද? සුබ අසුබ පලාඵල මෙන්න.

Astrology
By Wayomi Oct 03, 2022 10:30 PM GMT
Report

ඔබේ ලග්නයට අනුව අද දිනයේ සුබ අසුබ පලාඵල.

මේෂ

🟢 මේෂ ලග්න හිමියන්ට අද දවස බලාපොරොත්තු සහගත දිනයක් වේ. හෙට ඔබ වඩාත් උනන්දුවෙන් වැඩ කරනු ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් සහ සතුටෙන් දවස ගත කරනු ඇති.මුදල් ලැබීම් අතින් යහපත්.


වෘෂභ

🟢 අද දවසේ ඔබ කරන ඕනෑම කටයුත්තකට අවධානය යොමු කරන්න. සමහර කාර්යයන් අවුල්සහගත විය හැකි බැවින් වැඩ සැලසුම් කරගන්න. නොසැලකිලිමත්ව භාවිතා කරන වචන නිසා සබඳතා තුළ ගැටුම්කාරී තත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා ඉවසීමෙන් සහ අවධානයෙන් ආදරණියන් සමඟ කටයුතු කරන්න. මූල්‍ය තත්වය සහ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නැත.


මිථුන

🟢 ඔබ අද ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. රැකියා ස්ථානයේ සගයන් සමඟ ගැටුම් ඇති වේ. ඔබේ සහකරු සමඟ උඩඟු නොවන්න ඉවසීමෙන් කටයුතු කරන්න. වියදම් අධිකයි. ආහාර නිසා විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකියි. ඒ නිසා කන බොන දේවල් ගැන අවධානයෙන් ඉන්න.


කටක

🟢අද දවසේ වැඩි උත්සාහයකින් කාර්යයන් කිරීමට සිදු වේවි. රැකියා ස්ථානයේ පරිසරය සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට ඉඩ ඇත. ඔබ ඔබේ සහකරු සමඟ සතුටින් ගත කරන දවසකි. එය දෙදෙනාගේම සමගිය වැඩි කරයි. මුදල් ලැබීම් අතින් යහපත්.


සිංහ

🟢 සිංහ ලග්න හිමියන්ට අද දිනයේ අමතර වගකීම් පැවරෙනු ඇත. වැඩ ගොඩක් තිබුනත් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න. ඔබ ඔබේ සහකරුට ව්‍යාකූල හැඟීම් ප්‍රකාශ කරනු ඇත. මූල්‍ය තත්වය අතින් යහපත්.


කන්‍යා

🟢 කන්‍යා ලග්න හිමියන් අද කලබලකාරී ස්වභාවයක් ගනියි. නියමිත වේලාවට වැඩ නිම කළ නොහැකි විය හැකි බැවින් සැලසුම් කර වැඩ කටයුතු සිදු කරන්න. සහකරු සමඟ ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්. අද ඔබට වියදම් අධික වනු ඇත. සෞඛ්‍ය ගැටළු මතුවිය හැක.


තුලා

🟢 තුලා ලග්න හිමියන් අධ්‍යාත්මිකව කටයුතු කිරීම යහපත්. වැඩ හරියට කරන්න සැලසුම් කරලා වැඩ කරන්න ඕනේ. මූල්‍යම අතින් එතරම් යහපත් නොවන අතර ආහාර ජීර්ණ වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකියි.


වෘශ්චික

🟢 ඔබ අද හැඟීම් පාලනය කරගත යුතු දිනයකි. අද ඔබ කාර්යබහුල දවසක් වනු ඇත. ඔබ ඔබේ සහකරු සමඟ ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. ඔබට අනවශ්‍ය වියදම් දැරීමට සිදු විය හැකියි.


ධනු

🟢 ධනු ලග්න හිමියන්, අද ඔබ ඉවසීම ප්‍රගුණ කිරීම වැදගත්. රැකියා පරිසරය හිතකර නොවනු ඇත. අනවශ්‍ය කරදර ඇතිවන දිනයක් වනු ඇත. ඒ නිසා ඉවසීමෙන් සහ පරිස්සමෙන් කටයුතු කිරීම වැදගත්. ජීවන සහකරු සමඟ යම් මතභේද ඇති වේ. අනවශ්‍ය මුදල් වියදම් ඇතිවේ. පාද ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු මතු විය හැකියි.


මකර

🟢 මකර ලග්න හිමියන්ට අද දිනයේ යහපත් ප්‍රතිඵල නොලැබේ. රැකියා ස්ථානයේ සිටින අනෙක් සේවකයන් ඔබේ සතුරන් බවට පත් විය හැකියි. ඒ නිසා අවධානයෙන් සහ පරිසමෙන් කටයුතු කරන්න. ඔබේ සහකරු සමඟ ආදරණියව කටයුතු කිරීම වැදගත්. ආදායමට වඩා වියදම වැඩි වනු ඇත. එමෙන්ම හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීම වැදගත්.


කුම්භ

🟢 අද ඔබට කම්මැලිකමක් දැනේවි. එමෙන්ම වැඩ වැඩි දවසකි. ඔබේ මනසේ නොසන්සුන්කාරී බවක් ඇතිවෙයි. ඒ නිසා සිත සන්සුන් කරගෙන දවස අරඹන්න. ඔබේ ව්‍යාකූල මානසික තත්ත්වය නිසා ඔබ සහකරු සමඟමත ගැටුම් පවා ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. මූල්‍ය තත්වය එතරම් යහපත් නොවන අතර සෞඛ්‍ය ගැටළු මතුවිය හැකියි.


මීන

🟢 අද සමෘද්ධිමත් දවසක් වනු ඇත. ඔබගේ ක්‍රියාවන් තුළින් ඔබට යහපත් ප්‍රගතියක් මෙන්ම උසස් අයගේ ඇගයීමද ලැබෙනු ඇත. ඔබ ඔබේ සහකරු සමඟ ප්‍රේමනීය සබඳතාව ගොඩනගා ගනියි. මූල්‍යම වශයෙන් යහපත් වෙයි. වඩා හොඳ ශක්තියක් සහ ස්ථාවරත්වයක් සොයාගත හැකියි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW