ලග්න 8 කට සුබ ඵල ගෙනෙන පෙර නිමිති.

Astrology Lagna Palapala Jothishya Lagna Lagna Palapala 2022
By Wayomi Oct 03, 2022 07:50 AM GMT
Report

අද දිනයේ ඔබේ ලග්නයට අනුව සුබ අසුබ පලාඵල මෙන්න. 

මේෂ

🟢 මේෂ ලග්නය ඔබට අද සාර්ථක දිනයක් වනු ඇත. ඔබ ගන්නා සෑම දෙයකදීම ඔබ සාර්ථක වනු ඇත. ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමක් සිදු කළ හැකියි. ඇවිදීමට ද ප්‍රිය කරයි. විදෙස් ගමන්, දුර බැහැර ගමන් හෝ ගමෙන් පිටත රැකියාවල වැඩි වාසි අත්වනු ඇත. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට තම සිතැඟි ඉටු කර ගැනීමට ඔබ බලාපොරොත්තු වූ තැනින් ඔබට මුදල් ලැබෙනු ඇත.


වෘෂභ

🟢 වෘෂභ ලග්න හිමියන්ට අද දවස එතරම් යහපත් නැත. හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුයි.අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරු අතර විවිධ සෞඛ්‍ය ගැටළු මතු විය හැකියි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතුවලින් දස්කම් දැක්විය හැකි දවසකි.


මිථුන

🟢 අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. මූල්‍යම අතින් යහපත් වනු ඇති.


කටක

🟢අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න, මන්ද ආහාර ජීරණය අශ්‍රිතව විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකියි.


සිංහ

🟢අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට යහපත් දවසකි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ වැනි සෞඛ්‍ය ගැටළු මතු විය හැකියි.


කන්‍යා

🟢 අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. සිතේ ඇති වන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් සතුටින් දවස ගත කළ හැකියි.


තුලා

🟢 අද ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. වැඩිපුර අද ඇවිදීමට සිදු වෙයි. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.


වෘශ්චික

🟢 අද දින ඔබට ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.


ධනු

🟢 අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.


මකර

🟢 ඔබට අද එතරම් ශුභදායක නැත. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.


කුම්භ

🟢 අද දින ඔබට ඉතාමත් ශුභයි. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකියි.


මීන

🟢 අද ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙන දවසකි. සාමාන්‍යයෙන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න..

JOIN NOW