දන්නවද ? මෙවර දියවන්නාවට යන්න සැරසෙන ජනප්‍රිය නළු නිළියෝ කව්ද කියලා.. සෙට් එකම මෙන්න. (PHOTOS)

Ranjan Ramanayake Parliament Election 2024
By Sithumini Oct 17, 2024 12:02 PM GMT
Report


මෙවර මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සදහා විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඉදිරිපත් වීමට රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් කිහිපදෙනෙකුම සූදානමින් ඉන්නවා.

ඒ අතර දෙවන පරපුර නියෝජනය කරමින් කමල් අද්දරාච්චි ඉදිරිපත්වෙනවා. එමෙන්ම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ නියෝජනය කරමින් රංජන් රාමනායක මහතාද ඉදිරිපත් වෙනවා.

එමෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජගත් මනුවර්ණද ඉදිරිපත් වෙනවා. පසුගිය අරගල සමයේ දැඩි ලෙස කතා බහට ලක්වූ රංගන ශිල්පියෙක් ලෙස ජගත් මනුවර්ණ හදුන්වන්නට පුළුවන්.

එමෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් චමිලා පීරිස් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වනවා. ඇය බොහෝ දෙනෙකු ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිණියක්.

විශ්ව කොඩිකාර කියන්නේ බොහෝ දෙනා ආදරය කරන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුත් මෙවර සර්වජන බලය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙනවා.

රුවන්ති මංගලා මෙවර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

එමෙන්ම ජාතික ලැයිස්තුවට ඇතුලත්ව ඇති රංගන ශිල්පිණියන් ලෙස අනූෂ දමයන්ති පොදුජන පෙරමුණෙන් ඇතුළත්ව ඇති අතර ශීමාලි ෆොන්සේකා සර්වජන බලයෙන් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙනවා. 

GalleryGalleryGalleryGalleryGalleryGallery