දෙදෙනෙකුට මරු කැදවමින් මහමගදි සිදුවු මාරක රිය අනතුර.(CCTV VIDEO)

police Gagana news Sri lanka news Arachchikattuwa To day accident
By Subodha Feb 15, 2022 07:34 AM GMT
Report

පුත්තලම - හලාවත මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊ්යේ(14) හවස මේ අනතුර සිදුව ඇති අතර මේ අනතුරෙන් මියගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරමින් සිටින සේවකයන් දෙදෙනෙකුයි.

පුත්තලමේ සිට අධික වේගයෙන් පැමිණි මෙම වෑන් රථය මාර්ගය අසල නවතා තිබු යතුරු පැදියක ගැටි අනතුරුව මාර්ගයේ ගමන් කරන තවත් යතුරු පැදියකද ගැටි අනතුර සිදුව ඇත.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන වලින් හෙලිවී ඇත.

අනතුරින් මාර්ගයේ ගමන් කල යතුරු පැදියේ සිටි දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැන් රථය හා එහි රියදුරු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදුවන ආකාරය අසල තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වි තිබු අතර මාර්ගය අසල නවතා තිබු යතුරු පැදියේ හිමිකරු අසල තිබු වෙලද සැලකට යාම මගින් වාසනාවකට මෙන් බේරෙන අයුරුද එහි සටහන්ව ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now