ඩිෆෙන්ඩරයක් ගසක ගැටෙයි - අනතුරින් හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට..

Sri Lanka Accident
By krishani Oct 22, 2022 04:29 AM GMT
Report

වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වී හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අද අලුයම 4.45ට පමණ ත්‍රිකුණාමලය සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබු රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

4 වන විශේෂ බලකායට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇත.

එහිදී රථයේ ගමන් කළ නිලධාරියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.