මාරක බස්‍ රථ අනතුරක් - තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වී 17ක් රෝහල්ගත කරයි.. (PHOTOS)

Police spokesman Sri Lanka Police Accident
By krishani Nov 05, 2022 01:56 AM GMT
Report

වව්නියාව - 'ඒ 09' මාර්ගයේ නොච්චිමොටේ පාලම අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අද (05) උදෑසන මාරක අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව රියදුරු ඇතුළු තවත් මගීන් 17 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.

රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විමර්ශන සිදු කරනවා.

GalleryGalleryGalleryGallery