බීමතින් මත් වී සිටි රියදුරා පාරේ ගිය දියණිය සහ පියාව හප්පලා..

Sri Lanka Police Accident
By krishani Nov 15, 2022 06:43 AM GMT
Report

පල්ලේවල - මීරිගම පස්යාල මාර්ගයේ කොටකන්ද හන්දිය ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් පියා සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මීරිගම සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් පියෙකු සහ දියණියක් හප්පා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

බරපතළ තුවාල ලැබූ පියා හා දියණිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අවුරුදු 14ක් වු දියණියක් හා 54 හැවිරිදි කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙලෙස මියගොස් ඇති අතර උපකාරක පන්ති අවසන්වීමෙන් පසු පියා විසින් තම දියණිය නිවසට කැඳවාගෙන එමින් සිටිය දී එම අනතුර සිදුව ඇත්තේ.

රියදුරු පල්ලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමේ දී මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් පල්ලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join