බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - පාසල් ළමයින් ඇතුළු 10ක් රෝහලේ.. (PHOTOS)

Sri Lanka Police Accident
By krishani Nov 02, 2022 05:39 AM GMT
Report

අද (02) පෙරවරුවේ හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය - මීපිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පාසල් ළමයින් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු රෝහල්ගත කර ඇත.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

බස් රථ දෙකෙහි ගමන්ගත් ගුරුවරුන් 6 දෙනෙකු පාසල් ළමයින් තිදෙනෙකු සහ එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

GalleryGalleryGallery