කෝල් එකක් නිසා අවුරුදු 22ක තරුණියක් දුම්රියෙන් අවසන් ගමන් යයි...
Sri Lanka Railways
Accident
Department of Railways
Death
Railways
By Aruna
ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණියක් දුම්රියේ ගැටී මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කළ දුම්රියේ ගැටී මෙම තරුණිය මියගොස් ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණියක් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් දුම්රියේ ගැටීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ඇය පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබුණ ද එහිදී ඇය මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.