පිරිසක් රැගත් බසයක් දුම්රියක ගැටෙයි - සිදුවූණ අනතුරේ නවතම තත්ත්වය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO/PHOTOS)
අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.
එහිදී සංචාරකයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය සඳහන් කළේ ය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් ය.
අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රියේ මෙලෙස ගැටී ඇත්තේ.
චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංචාරකයින් පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට ඔවුන් යමින් සිට ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පස්වරු 9ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට ඔවුන් රැගෙන යාමට ගොස් ඇති බව වාර්තා වේ.
බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද හානි සිදුව ඇති.
තුවාල ලැබූ සංචාරකයින් සඳහා සුවසැරිය ගිලන් රථයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර දුම්රිය රියදුරුගේ ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, මෙලෙස අනතුරට පත් දුම්රියේ සිටි මගීන් මරදාන බලා ධාවනය වන වෙනත් දුම්රියකින් ඔවුන්ගේ ගමනාන්ත සැලසීමට කටයුතු කර තිබෙනවා.
වීඩියෝ දර්ශන - Ada Derana