බිහිසුණු රිය අනතුරක් - දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කරයි..
Sri Lanka Police
Sri Lanka
Accident
By krishani
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය – බද්දෙලන්දයාය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇත.
ඩබල් කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.
එම අනතුරින් තුවාල ලබා ඇත්තේ එම වාහන දෙකෙහි රියදුරන් බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වැල්ලවාය සහ ඇතිමලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |