පොලීස් ජිප් රථයක යුධ හමුදා සෙබළුන් දෙදෙනෙක් ගැටෙයි..

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident
By krishani Aug 06, 2023 12:02 PM GMT
Report

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් ජීප් රථයක හමුදා සෙබළුන් ධාවනය කළ යතුරු පැදියක් ගැටී තිබෙනවා.

ඒ තලගල ප්‍රදේශයේ දී ය.

එලෙස ගැටුණු යතුරුපැදියේ පැදිකරු හා පසු පැදිකරු වූ හමුදා සෙබළුන් දෙදෙනා තුවාල ලබා ඇති බව  මොරගහහේන පොලීසිය සඳහන් කළේ ය.

ඒ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටියදී ය.

එලෙස අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සෙබළුන් දෙදෙනෙක් ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොරගහහේන පොලිසිය විසින් සිදුකරනු ලබයි.