මුහුද බැලීමට දරුවන් පිරිසක් යතුරක් සොරාගෙන ලොරියක් පැදගෙන එයි - අතරමග දී සිදු වූ අකරතැබ්බ..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Dec 13, 2022 01:51 AM GMT
Report

දරුවන් පිරිසක් පදවාගෙන ආ ලොරි රථයක් නිට්ටඹුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇත.

අනතුරෙන් පසු ලොරි රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇත.පසුව පොලීසිය ලොරි රථය නතරකරගැනීමට සමත්ව ඇති අතර අදාළ ළමුන් පිරිස නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිට මුහුද බැලීම සඳහා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

එම ලොරි රථයේ ළමුන් සිව්දෙනෙකු සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

මෙම ළමුන් 16,12 සහ 11 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර මීගමුව ප්‍රදේශයේ ළමා නිවාසයක සිට නුවරඑළිය ප්‍රදේශය ළමා නිවාසයක් වෙත මාරුකර යැවූ දරුවෙකු ද ඒ අතර වේ.

ඔහුගේ මග පෙන්වීම අනුව මෙම දරුවන් පිරිස මුහුද බැලීමට මීගමුව ප්‍රදේශයට යමින් සිටි ඇත්තේ.

ඒ සඳහා අදාළ දරුවන් ළමා නිවාසයේ ලොරි රථයේ යතුර සොරකම් කර එය පදවාගෙන පැමිණ ඇති අතර දරුවන් පිරිස නුවරඑළිය ළමා නිවාසයට භාරදීමට නියමිතයි.

නිට්ටඹුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join