ලොරියක් බස් නැවතුම්පළකට කඩා වැදෙයි - 10ක් රෝහල්ගත කරයි..
Sri Lanka
Accident
By krishani
මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලංගම ප්‍රධාන බස් නැවතුම් පළ අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවන් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
මහියංගනය සිට මහනුවර දෙසට ධාවනය වු ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ලංගම ප්‍රධාන බස් නැවතුම් පළ ඉදිරිපිට ඇති බස් නැවතුම් ස්ථානයේ ගැටී ඇත.
සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |