බස් නැවතුම්පළකට වෑන් රථයක් කඩා වැදෙයි - කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට.
Sri Lanka Police
Accident
By krishani
කුරුණෑගල - නාරම්මල මාර්ගයේ බැදිගම හන්දිය අසල ඊයේ (20) දහවල් කාලයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
නාරම්මල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ තිබූ බෝක්කුවක ගැටී මාර්ගයේ ඉදිරියට ඇදීගොස් අසල බස්නැවතුම්පොළේ රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකුගේ ගැටී තිබේ.
එම අනතුරින් කාන්තාවන් තිදෙනා බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිගොස් ඇත්තේ.
අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56, 59 හා 61ක් වූ බැදිගමුව, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.
එම අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |