වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටිය දී පිරිසකට සිදු වූ අකරතැබ්බ - 5ක් රෝහල්ගත කරයි.

Sri Lanka Police Sri Lanka Accident
By krishani Jul 03, 2023 08:35 AM GMT
Report

කතරගම වැඩසිටි කන්ද රජමහා විහාරස්ථානයේ වන්දනාවට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

එම සිදු වූ අනතුරින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඒ එම විහාරස්ථානය අසළ පිහිටි පොලිස් මුරපොළ ආසන්නයේ ඇති ප්‍රපාතයකට කැබ් රථය පෙරළී යාමෙන් ය.

තුවාල ලැබූ පිරිස කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.