සුනඛයෙක් ගැටී රියදුරුගේ පාලනයෙන් ගිලිහී සිදුවුණ බිහිසුණු රිය අනතුර - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
කැලණිය මාර්ගයේ රත්ගහවත්ත ප්රදේශයේ දී කැබ් රථයක සුනඛයෙකු ගැටි තිබෙනවා.
එහිදී රියදුරුට වාහනය පාලනය කර ගත නොහැකිව ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රි රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු ත්රි රෝද රථ රියදුරු බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය සඳහන් කළේ ය.
එම අනතුරින් මියගිය පුද්ගලයා වයස අවුරුදු 68ක බියගම ප්රදේශයේ පදිංචිකරුවෙක් වේ.
අනතුරින් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බියගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.