මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුර..
Sri Lanka
By krishani
යාපනය - අරියාලෙයි ප්‍රදේශයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටී 36 සහ 32 හැවිරිදි වියේ පසුවන බිංගිරිය හා බිදුණුවැව ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ(09) රාත්‍රියේ ඔවුන් ගමන් ගත් මෝටර් රථය කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන්ගත් ශිඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇති අතර අරියාලෙයි ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකින් ගමන් කිරීමේ දීයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.
දුම්රියේ වැදුණු මෝටර් රථය කිලෝමීටරයක පමණ දුරකට ඇදී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |