රියදුරුට මරණය අත් වී, දෙදෙනෙක් රෝහල්ගත කළ බිහිසුණු අනතුර.
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
ඊයේ (18), ගාල්ල කොළඹ මාර්ගයේ වැරැල්ලාන ඉන්ධන හල ආසන්නයේ දී අනතුරක් සිදු විය.
ඒ මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් ය.
අනතුරින් මෝටර් රථයේ රියැදුරු මිය ගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදු විය.
මෙම අනතුර සිදු වී ඇත්තේ ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියැදුරුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ය.
එහිදී මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන රැහැන් කණුවක ගැටී තිබෙනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මැටිවල, තෙල්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
කෙසේවෙතත්, අනතුර සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.