තවත් බිහිසුණු බස් රථ අනතුරක් - පුද්ගලයෙකු මියගොස් 06ක් තුවාල ලබයි. (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident
By krishani Jul 18, 2023 04:17 AM GMT
Report

අද (18) උදෑසන ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රක්කිත්තාකන්ද විහාරස්ථාන මාර්ගයේ බස් රථ අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇත.

කෙසේ වෙතත්, සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.