බිහිසුණු අනතුරකින් ගුරුවරියක් මරුට..විදුහල්පතිවරයෙක් සහ දරුවන් දෙදෙනෙක් තුවාල ලබයි..

Hambantota Accident Death
By Aruna Mar 31, 2024 07:11 AM GMT
Report

නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ බැමිණියන්විල ප්‍ර දේශයේ දී අද (31) සිදු වූ අනතුරකින් මව මිය ගොස් පියා හා දරු දෙදෙනා තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසනවා.

කොළඹ සිට හම්බන්තොට මිරිජ්ජ විල ප්‍රදේශයේ නිවස බලා මෝටර් රථයෙන් ගමන් කර මින් සිටියදී මෝටර් රථය පදවාගෙන ආ සැමියාට නින්ද යෑම හේතුවෙන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට මෝටර් රථය ධාවනය වී මාර්ගය අසල පිහිටා තිබූ කොහොඹ ගසක මෝටර් රථය ගැටි සිදු වූ අනතුරින් මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගත් බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හම්බන්තොට මිරිජ්ජවිල අඩී 100 පාර පදිංචි මාතර රජයේ පාසලක සේවයකරන සමන්තිකා ජයසිංහ (51) යන අය බව හඳුනාගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.

අම්බලන්තොට පාසලක විදුහල්පතිවරයකු වන මියගිය ගුරුවරියගේ සැමියා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර, වයස අවුරුදු 20 සහ 16 පසුවෙන දරුවන් දෙදෙනාද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.