28 හැවිරිදි තරුණියක් දුම්රියට පනී...පෙම්වතා හදුනාගනී..
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටි තරුණියක් (09) දින උදැසන ජිවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙසේ දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රදේශයේ පදිංචි කනපති අනුෂා දර්ශනි නැමති 28 හැවිරිදි තරුණියක් බවයි පැවසෙන්නේ.
මියගිය තරුණිය හැටන් නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන තරුණියක් බව අනාවරණය වී ඇත.
අදාළ තරුණිය වසර පහක කාලයක් හැටන් පොන්නගර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ද පවත්වාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.
මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, අද උදෑසන සේවා ස්ථානය වෙත පැමිණි තරුණිය තමන් හමුවීමට පෙම්වතාට පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දී ඇති අතර පෙම්වතා විසින් එය ප්‍රතික්ෂේප කිරිම නිසා මෙසේ දුම්රියට පැන සියදිවි හානි කර ගෙන ඇති බවයි.
දුම්රියට පැන සියදිවි හානි කරගත් තරුණියගේ සිරුර පෙම්වතා විසින් හදුනාගෙන ඇති අතර, සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව පොලිසිය පවසා සිටිනවා.