අද උදෑසන වෑන් ලොරි ගැටුමක්..04ක් මියයයි..(PHOTOS)
Police spokesman
Sri Lanka Police
Accident
By Aruna
තඹුත්තේගම ඊරියගම ප්‍රදේශයේදී අද(04) මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා.
වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කර සිටින්නේ, මෙම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශයෙන්ද නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්,










