අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් හදිසියේ අනතුරකට ලක්වෙයි..
Police spokesman
Sri Lanka Police
Sri Lanka Politician
Accident
By Aruna
රාජ්‍ය අමාත්‍ය ප්‍රියන්ත අශෝක මහතාගේ අමාත්‍යංශයට අයත් කැබ් රථයක් මාරවිල හොරවංගුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබෙන බව වාර්තා වනවා.
මෙම අනතුර අද උදෑසන 8.30ට පමණ සිදුව ඇති බවත්, රියදුරාට නින්ද යාම හේතුවෙන් කැබ් රථය පාරු ඇළට පෙරලී ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
රථය මහවැව ප්‍රදේශයේ සිට නාත්තන්ඩිය දෙසට ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇත.
කෙසේවෙතත් අනතුරින් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
මාරවිල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.