බැඳල හරියටම මාසයයි වෙන්නෙ..28 හැවිරිඳි ගුරුවරයට සිදුවූ අවාසනාවන්න ඉරණම මෙන්න..

Sri Lanka Accident
By Aruna මාස 1 කට පෙර

යතුරුපැදියක් නාවික හමුදා බස් රථයක ගැටීම නිසා ගුරුවරයෙකු 06 දා මිය ගොස් තිබෙනවා.

ඒ වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරුවරයෙක් බවයි පැවසෙන්නේ.

වවුනියාව ඊරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේදී මේ අනතුර සිදු වී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි අනුෂ්ක අබේරත්න ලක්මාල් නැමති ගුරුවරයායි.

කබඩි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගවලට පවා සහභාගී වී ඇති මොහු විවාහ දිවියට පත් වූයේ මීට මාසයකට ඉහතදීය.

අනතුරෙන් පසුව තුවාල ලැබූ ගුරුවරයාව වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මිය ගොස් තිබේ.

ඊරට්ටපෙරියකුලම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now