අනියම් පහස දුරදිග ගොස් කතක් රත්වූ විදුලි ස්ත්‍රික්කයෙන් මැදලා..උහුලන්න බැරිව උඩුමහලෙනුත් පැනලා.

Sri Lanka Accident
By Aruna Nov 08, 2022 05:39 AM GMT
Report

අනියම් බිරිඳ කොළඹ ජාතික රෝහලේ රෙදි මදින ඉස්තිරික්කයකින් අනියම් බිරිඳ පුළුස්සා වධහිංසා පමුණුවන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ කොටුවේ පිහිටි රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (7 වැනිදා) නියෝග කර තිබෙනවා.

ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගත් චමින්ද කුරුප්පු නානායක්කාර නමැති සැකකරුවකු හෙට (9 වැනිදා) දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය එලෙස නියෝග කර ඇත.

කොළඹ පිහිටි අධිකාරියක උසස් නිලයක් දරන සැකකරුගේ අනියම් බිරිඳ වන තුවාලකාරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දන්වා සිටී.

සැකකරු සහ 40 හැවිරිදි අනියම් බිරිඳ අතර ඇතිවූ ආරවුලකදී සැකකරු රෙදි මදින ඉස්තිරික්කයකින් කාන්තාව පුලුස්සා පහර දෙමින් වධහිංසා පමුණුවන අවස්ථාවේදී තුවාලකාරිය සිය ජීවිතය බේරාගැනීම සඳහා නිවසේ උඩුමහලෙන් බිමට පැන ඇති බවට කරුණු අනාවරණය වුවද තුවාලකාරිය උඩුමහලින් බිමට පැන්නේද, නැතහොත් සැකකරු ඇයව උඩුමහලින් බිමට දැම්මේද යන්න සෙවීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකාරියගෙන් ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කරගන්නා බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now