පාලමක් කඩාවැටී නගරාධිපති සහ බිරිඳ ඇළකට වැටෙයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න.(VIDEO)

Accident
By Aruna Jun 10, 2022 04:14 AM GMT
Report

අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටීමේ පුවතක් මෙක්සිකෝවේන් වාර්තා වනවා.

එම අවස්ථාවේ, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අස්ථි බිඳීමට ලක් වී තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලම ඉදි කර තිබුණේ ලෑලි සහ යකඩ දම්වැල්වලිනි.

එය කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ඉදි කර තිබුණි.

පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති, ඔහුගේ බිරිඳ, නගරසභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.

පාලම දම්වැල්වලින් ගැලවී ගියේ නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටිද්දීය.

නගරාධිපතිවරයා මෙන්ම බිරිඳ ද තුවාල ලැබූ බව වාර්තා වේ.

සෙසු පිරිස අඩි 10 ක් පහළට වැටුණි.

පාලම කඩා වැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

(රොයිටර්)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now