අද සිට ඇරඹෙන අස්වැසුම දෙවන අදියරයේදී අයදුම්පත්‍ර භාර ගැනෙන්නේ මෙහෙමයි.

Shehan Semasinghe Government Of Sri Lanka Ministry of Finance Sri Lanka
By Wayomi Feb 15, 2024 04:31 AM GMT
Report

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

ඒ, අනුව මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මෙහිදී දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පහසිලි කළේ මෙලෙසින්.

"අයදුම්පත්‍ර ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙන සියලුදෙනාටම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකියි. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති විශේෂ ඒකකවලටත් ලබාදිය හැකියි. අපි බලාපොරොත්තු වෙනවා මාසයක කාලයක් අස්වැසුම අයදුම්පත්‍ර කැඳවීමට. පළමු වටයේ ලක්ෂ 20ක් සඳහා අස්වැසුම ලබාදුන්නා. දෙවැනි වටයේ දී එය ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයේ දී සහතික කරලා ඔවුන්ට අවශ්‍ය සුබසාධන දීමනා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස මේ වසර තුළ රු බි 205ක මුදලක් රජය විසින් සුබ සාධනය සඳහා වැය කිරීමට බලාපොරොත්තු වෙනවා."