දරුවන් සමග චන්ද්‍රිකා වැවට පැන පස් හැවිරිදි දියණියත් සමග අවසන් ගමන් ගිය මවගේ ලිපිය
අද (01) දහවල් සිය දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන සියදිවි නසාගත් මව ලියා තිබූ ලිපියක් හමුවී තිබේ. ඇයගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් විසින් එම ලිපිය සොයාගෙන ඇත.
මියගිය එම කාන්තාව කලක සිට යම් මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගෙන ඇති අතර ඒ සඳහා වූ බෙහෙත් පානය කිරීම ශරීරයට ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති නිසා මේ ආකාරයට සියදිවි හානි කරගැනීමට යන බව එම ලිපියේ ලියා ඇති බව පොලීසිය පවසයි.
ඇයගේ ස්වාමිපුරුෂයා ගව පට්ටියක් පවත්වාගෙන යන ගොවිමහතෙකි. 32 හැවිරිදි මව එලෙස චන්ද්‍රිකා වැවට පැන තිබුණේ සිය 5 හැවිරිදි සහ 11 හැවිරිදි දරුවන් දෙදෙනා ද සමගය. සිද්ධියෙන් 5 හැවිරිදි දරුවා ද මියගිය අතර 11 හැවිරිදි දරුවා දිවි බේරාගෙන තිබුණි.
එම මව සමාජසේවා පුර, පරණ ඇඹිලිපිටිය පාර, සූරියවැව ලිපිනයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය වී ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් 2,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොයා ගත්තේය.
සුරංගිකා මධුමාලි නමැති 32 හැවිරිදි මව අද (01) දහවල් එලෙස සිය දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැනීමෙන් පසු 11 හැවිරිදි චාම් දුෂ්මන්ත නමැති දරුවා ගොඩට පිහිනා කෑගසමින් උදව් ඉල්ලා තිබුණි. ඒ අනුව ප්‍රදේශවාසීන් හා ඇඹිලිපිටිය පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ මව සහ 5 හැවිරිදි දරුවා ගොඩට ගෙන ඇත.
එම ස්ථානයේදීම මූලික ප්‍රතිකාර ලබාදෙමින් මවගේ ජීවිතය බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් උත්සාහ කර තිබුණි. පොලීසිය සඳහන් කළේ මව සහ 5 හැවිරිදි නෙතුම් නෙත්මාල් නමැති දරුවා යන දෙදෙනාවම ක්ෂණිකව රෝහල්ගත කර තිබුණත් පස්වරු 1.45ට පමණ එම දරුවා මියගොස් තිබූ බවය.
මව මියගොස් තිබුණේ ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේදීය. ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ වැව් සොරොව්ව ආසන්නයෙන් තිදෙනා වැවට පැන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |