රිලවුන්ට තැබූ වෙඩිල්ල නොසිතූ ලෙස දියණියට වැදෙයි

Kegalle Sri Lanka
By Sewvandhi Nov 17, 2022 03:19 AM GMT
Report

ගෙවත්තට ආ රිලව් රංචුවක් එළවීමට වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලක් ඔහුගේ 17 හැවිරිදි දියණියට වැදීමෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පිංදෙනිය පොලිසිය කීය.

සිය නිවසේ ඇති දැඩි කරන බල්ලා සමග මිදුලේ සෙල්ලම් කරමින් සිට තිබේ.එම අවස්ථාවේ දී රිලවු රංචුවක් ගෙවත්තට පැමිණ ගස් ගෙඩි කා විනාශ කර දමමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

එම අවස්ථාවේ දී තරුණියගේ පියා නිවසේ සිට ඔහුට අයත් වායු රයිෆලයෙන් වෙඩි තැබීමට සූදානම් වෙද්දී දියණිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි බල්ලා රිලා රංචුව දෙසට දිව ගොස් ඇත.

ඒ අවස්ථාවේ දී රිලවුන් බල්ලා කා යැයි බියට පත් දියණිය බල්ලා අල්ලා ගැනීමට බල්ලා පිටු පසින් දිව යන අවස්ථාවේ රිලවුන්ට තැබූ වෙඩිල්ල දියණියට වැදී ඇතැයි පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now