රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට - 10ක් රෝහලේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
විදේශගත වන ඥාතියෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇරලවා පැමිණෙමින් තිබූ වෑන් රථයක් පුද්ගලයින් 11 දෙනෙකු සමග අද (16) උදෑසන මීගහතැන්න මංසන්ධිය ප්‍රදේශයේ දී පෙරළීගොස් ඇත.
එම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් අනෙක් 10 දෙනා තුවාල ලබා ඇත.
විදේශගත වූ පුද්ගලයාගේ බිරිඳගේ මව එලෙස මියගොස් ඇත්තේ.මතුගම සිට හිනිදුම ප්‍රදේශය දක්වා ගමන්ගත් වෑන් රථය රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස පෙරළී ගොස් ඇති බව විමර්ශවල දී හෙළි වූ බව මීගහතැන්න පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් මීගහතැන්න ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබු අතර පසුව ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |