හෝටල කාමරයකින් අභිරහස් ලෙස මිය ගිය තරුණයෙක් සොයාගැනේ. - මෘත ශරීරයට පොලිස් රැකවල්.
Sri Lanka Police
Crime
Mysterious Death
By Wayomi
ඊයේ (31) සවස ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගත් පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
එම පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් හික්කඩුව පොලීසිය දැනුවත් කර තිබෙනවා.
අනතුරුව පොලීසිය හා හෝටල් සේවකයින් එක්ව අදාළ පුද්ගලයා නවාතැන් ගෙන සිටි කාමරයේ ජනේලයක් විවෘත කර පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයා ලේ ගලන තුවාල සහිතව නාන කාමරය තුළ මියගොස් සිටියදී සොයාගත් බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 27ක් වූ වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිස් ආරක්ෂාව යටතේ මෘත ශරීරය එම ස්ථානයේ තැන්පත් කර ඇති අතර, හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.