වෙඩින් එකට කලින් හිනාව වැඩි කරගන්න ගිය තරුණයෙක්ට අවසානයේ වුණ දෙයක්..

India Death Latest Headlines
By krishani a year ago
Report

සැත්කමක් නිසා තරුණයෙක් අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

වෙඩින් එකට කලින් හිනාව වැඩි කරගන්න ගිය තරුණයෙක්ට අවසානයේ වුණ දෙයක්.. | A Young Man Lost His Life In India

ඒ එම තරුණයාගේ විවාහ මංගල්‍යයට පෙර ‘සිනහව වැඩිකර ගැනීමේ සැත්කමක්’ සිදුකර ගැනීම හේතුවෙන් ය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හයිද්‍රාබාද් හි පදිංචි 28 හැවිරිදි ලක්ෂ්මි නාරායන වින්ජාම් නැමැති තරුණයෙක් ය.

මොහු තමන්ගේ විවාහයට දින කිහිපයක් තිබිය දී පසුගිය 16 වනදා දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබෙනවා.

ඒ තමන්ගේ ‘සිනහව වැඩිකර ගැනීමේ සැත්කමක්’ සිදුකර ගැනීමේ අරමුණින් ය.

එලෙස සැත්කමට භාජනය වෙමින් සිටිය දී මෙම තරුණයා හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා විය.

වෙඩින් එකට කලින් හිනාව වැඩි කරගන්න ගිය තරුණයෙක්ට අවසානයේ වුණ දෙයක්.. | A Young Man Lost His Life In India

තරුණයාගේ පවුලේ ඥාතීන් චෝදනා කළේ වේදනා නාශක ඖෂධය අධි මාත්‍රාවකින් ලබාදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

ඔහුගේ පියා පොලිසියට පැමිණිලි කළේ දන්ත රෝහලේ නොසැලකිල්ල තම පුත්‍රයාගේ මරණයට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිසිය විසින් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 304(A) වගන්තිය යටතේ මිනීමැරුමක් නොවන සාපරාධී මිනීමැරුමක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ දන්ත රෝහලේ වෛද්‍යවරුන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත.