මහ මඟදී තරුණ යුවලක් පැහැරගෙන තරුණයා ඝාතනය කර තරුණියට කළ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Murder Kidnapping
By Aruna Mar 12, 2024 02:29 AM GMT
Report

වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පොලීසිය පවසන්නේ, ඊයේ (11) රාත්‍රී කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බවයි. මියගොස් ඇත්තේ, වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

මරණකරු හා ඔහුගේ බිරිඳ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පොන්නාලේ හන්දිය ආසන්නයේදී මරණකරු සමග පෙර අමනාපයක් තිබූ පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටින බව දුර තියාම යුවල විසින් දැක තිබේ.

එහිදී මරණකරු යතුරුපැදිය හරවා පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසලට ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පසුපසින් පැමිණ මෙම පිරිස මරණකරු හා බිරිඳ යතුරුපැදිය ද සමග පැහැරගෙන ගොස් ඇති අතර පසුව කාන්තාව සිත්තන්කේනි හන්දියේ දමා ගොස් තිබේ.

පසුව මරණකරු තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර කොට්ටකාඩු රෝහල අසලට මොටර් රථකින් ගෙනවිත් දමා සැකකරුවන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියාගොස් තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට වඩුක්කෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.